පුරවැසි / සේවාලාභි ප්‍රඥප්තිය

 

අනු අංකය

සපයනු ලබන සේවාව

සේවාලාභියා විසින් සම්පූර්ණ කල යුතු අවශ්‍යතා

සේවාව සැපයිමට ගතවන කාලය

1

ආදායම් සහතික නිකුත් කිරිම

01.  ආදායම් තහවුරු කිරිමට අවශ්‍ය ලේඛණ නිර්දේශ සහිතව ඉදිරිපත් කිරිම

02.  සේවා ගාස්තුව ගෙවිම

විනාඩි 20

2

එක් දින සේවා හැදුනුම්පත් නිකුත් කිරිම

01.  උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා සහතික කරන ලද ජායා පිටපතක්

02.  වම් කණ පැහැදිලිව පෙනෙන 1 ,8/3*7/8 වර්ණ ජායාරෑප 5

03.  රැකියාව හැදුනුම්පතට ඇතුලත් කල යුතු නම් සේවා සහතිකය

04.  ස්වාමිපුරුෂයාගේ නම ඇතුලත් කල  යුතුනම් විවාහ සහතකයේ මුල් පිටපතක්

05.  නැති වු හැදුනුම්පතක් නම් පොලිස් වාර්තාව

06.  සංශෝධිත හැදුනුම්පතක් නම් භාවිතා කල හැදුනුම්පත

විනාඩි 05

3

නැතිවු හැදුනුම්පතක අනුපිටපතක් ලබාගැනිම

01.  උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා සහතික කරන ලද ජායා පිටපතක්

02.  වම් කණ පැහැදිලිව පෙනෙන 1 ,8/3*7/8 වර්ණ ජායාරෑප 5

03.  පදිංචිය සනාථ කිරිමට ග්‍රාම නිලධාරි සහතිකය

04.  පොළිස් පැමිණිලි පිටපතක්

05.  කලින් හැදුනුම්පත් ලබාගත් බවට ග්‍රාම නිලධාරි සහතිකය

06.  රු.15 මුද්දර

07.  උප්පැන්න සහතිකයේ සහතික කරන ලද ජායා පිටපත

දින 04

4

සංශෝධිත හැදුනුම්පතක් ලබාගැනිම

01.  සංශෝධනයට ඉදිරිපත් කරන ලද හැදුනුම්පත

02.  වම් කණ පැහැදිලිව පෙනෙන 1 ,8/3*7/8 වර්ණ ජායාරෑප 5

03.  රු.15 මුද්දර

04.  රැකියාවක යෙදෙන්නේ නම් සේවා සහතිකය

05.  රු.30 මුද්දර ඇලවු ලියුම් කවර

දින 04

5

මුල්වරට හැදුනුම්පතක් ලබාගැනිම

01.  පු.ලි.දෙ. 01 අයදුම් පත්‍රය

02.  පදිංචි සහතිකය

03.  උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා සහතික කල ජායා පිටපත

04.  මුද්දර ගාස්තු

05.  වම් කණ පැහැදිලිව පෙනෙන 1 ,8/3*7/8 වර්ණ ජායාරෑප 5

06.  අවු.20 ට වැඩිනම් ප්‍රමාදවූවන් විසින් කරනු ලබන ප්‍රකාශය

දින 04

6

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම

01.  අදාල ඉල්ලුම් පත්‍රය

02.  ව්‍යාපාරයට අදාල ආයතන වල නිර්දේශ

03.  ප්‍රාදේශිය සභාවට මුදල් ගෙවු රිසිට් පත්‍රෙය් ජායා පිටපතක්

04.  ව්‍යාපාරික ස්ථානයේ අයිතිය සහතික කිරිම සදහා සහතික කරන ලද ඔප්පුවේ ජායා පිටපත

05.  ග්‍රාම නිලධාරි වාර්තාව

දින 04

7

පදිංචිය අනු අත්සන් කිරිම

01.  ජාතික හැදුනුම්පත (අවශය වුවහොත්)

විනාඩි 05

8

සතුන් ප්‍රවාහනය සදහා බලපත්‍ර නිකුත් කිරිම

01.  ඉල්ලිම් පියි

02.  වාහන නිර්දේශ කිරිමේ සහතිකය

03.  රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගෙන් ලබාගත් සෞඛ්‍ය සහතිකය, ගව වවුචරය

04.  අයිතිය සනාථ කිරිමේ ලේඛන

05.  ප්‍රවාහනය කරන කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි නිර්දේශය

06.  රු.50/- කි PIV මගින් සරප් අංශයට ගෙවිම

07.  සත්ත්ව සෞඛ්‍ය සහතිකය

විනාඩි 30

9

වටිනාකම් සහතික නිකුත් කිරිම

01.  අයදුම්කරුගේ ලිඛිත ඉල්ලිම් ලිපිය

02.  දින 3ක් ඇතුලත් ගබාගත් හිමිකම් වාර්තාව

03.  ඉඩමේ ඔප්පුවේ සහතික කල ජා පිටපතක්

04.  ඉඩමේ පිහිටිම හා වටිනාකම පිළිබදව ග්‍රාම නිලධාරි නිර්දේශ සහතිකය

විනාඩි 30

10

විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම

01.  පොදු 274 ආකෘතිය සම්පූර්ණ කිරිම

02.  විශ්‍රාමික හැදුනුම්පත ඉදිරිපත් කිරිම

03.  වයස අවු.25ට අඩු. අවිවාහක දරුවන් ගමනේ යෙදෙන්නේනම් යැපෙන බවට ග්‍රාම නිලධාරි සහතිකය

විනාඩි 10

11

ජනාධිපති අරමුදලින් වෛද්‍ය ආධාර ලබාගැනිම

01.  ග්‍රාම නිලධාරි නිර්දේශය ලබාගෙන යොමු කිරිම

දින 03

12

වගා ආරක්ෂාව සදහා ගිනි අවි බලපත්‍ර නිර්දේශ කිරිම

01.  ග්‍රාම නිලධාරි නිර්දේශය

02.  ඉඩමේ අයිතිය සනාථ කරන ලද මුල් ඔප්පුව සහ එහි ජායා පිටපත

03.  ඉඩම වෙනත් ප්‍රා.ලේ. කොට්ඨාශයක නම් එහි ග්‍රාම නිලධාරි වසම හා  ප්‍රා.ලේ. කොට්ඨාශය

04.  පොලිස් වාර්තාව(අපරාධකරුවකු නොවන බවට)

දින 01

13

සුරා බදු බලපත්‍ර අලුත් කිරිම

01.  පලාත් ආදායම් කොමසාරිස්ගෙන් සියළුම බදු ගෙවා ඇති බවට සහතිකය

02.  සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිෂ්කාශන සහතිකය

03.  සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිර්දේශය

04.  කලින් නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රය

පැය 01

14

විදුලි විරෝධතා සම්බන්ධ පරික්ෂා කිරිම

01.  නියමිත දින විදුලි පරික්ෂණය සදහා පෙනි සිටිම

දින 14

15

විරෝධතා නොමැති විදුලි ඉල්ලිම් පිළිබද නිර්දේශය

01.  ඉඩමේ ඔප්පුව

02.  ඉඩම හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි

විනාඩි 15

16

වාහන හිමිකම් පැවරිම

01.  වාහන ලියාපදිංචි සහතිකය

02.  වාහන හැදුනුම්පත

03.  ග්‍රාම නිලධාරි සහතික කරන ලද ජායාරෑප 2ක්

04.  සහතික කරන ලද හැදුනුම්පත් ජායාපිටපත

05.  වලංගු ආදායම් බලපත්‍රෙය් හා රක්ෂණ බලපත්‍රෙය් සහතික කරන ලද පිටපත

06.  පරම අයිතියක් ඇත්නම් එය අවලංගු කිරිමට අදාල මූල්‍යාතනයේ ලිපිය

විනාඩි 25

17

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම

01.  වාහන ලියාපදිංචි සහතිකය

02.  පසුගිය වර්ෂයේ ආදායම් බලපත්‍රය

03.  දුම් වාර්තාව(අවශ්‍ය අවශ්ථා වලදි)

04.  රක්ෂණ සහතිකය

05.  යෝග්‍යතා සහතිකය(අවශ්‍ය අවස්ථා වලදි)

 

විනාඩි 03

18

නව විශ්‍රාම වැටුප් ගෙවිම් කිරිම(සිවිල්/වැන්දඹු/හමුදා පළාත් පාලන)ලිපිය ලද පසු

01.  විශ්‍රාමික හැදුනුම්පත

02.  බැංකු ගිණුම් අංකය

03.  ග්‍රාම නිලධාරි වාරතාව ලබාදිම

සති 01

19

දැව හෙලිමේ බලපත්‍ර නිකුත් කිරිම

01.  අයදුම් පත්‍රය ඉදිරිපත් කිරිම

02.  ඉඩමේ අයිතිය තහවුරු කිරිමේ ලේඛණ(ඔප්පුව/පිඹුර/පත් ඉරුව)

03.  ඉල්ලිමේ ලිපිය

දින 05

20

දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම

01.  දැව ලයිස්තු පිටපත් 1

02.  අයදුම් පත්‍රය

03.  දැව හෙලිමේ බලපත්‍රය(අවශ්ථානුකුලව)

04.  දැව පිලබිද අයිතිය සනාථ කිරිමේ ලේඛන

05.  ඉල්ලිමේ ලිපිය

06.  අඩවිවන නිලධාරි නිර්දේශය

සති 01

21

මහජනාධාර අනුමත කිරිම

01.  සමාජ සේවා මහජන ආධාර 01 ආකෘති පත්‍රය

02.  ඉල්ලිමේ ලිපිය

දින 05

22

ආබාධිත පුද්ගලයන්ට නිවාස ආධාර ලබාදිම

01.  ආබාධිත බව තහවුරු කිරිමට වෛද්‍ය වාර්තා

02.  ආබාධිත අයට අයත් ඉඩමේ ඔප්පුව

03.  කාර්මික නිලධාරි වාර්තාව

04.  අතිරික්ත මුදල් ලබාගැනිමේ ලිපිය

05.  ඉල්ලිම් ලිපිය

දින 05

23

රෝගාධාර ගෙවිම

01.  වෛද්‍ය සහතිකය

02.  ඉල්ලිම් ලිපිය

03.  ග්‍රාම නිලධාරි නිර්දේශය(අවශ්‍යතාවය පරිදි)

04.  ව.ප.ස.සේ.V ආකෘති පත්‍රය

05.  සමාජ සේවා නිලධාරි නිර්දේශය

දින 03

24

සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකයන් බදවා ගැනිම

01.  සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය

02.  උප්පැන්න සහතිකය(වයස සනාථ කර ගැනිම සදහා)

දින 03

25

අනියම් සහනාධාර ගෙවිම

01.  සම්පූර්ණ කරන ලද s.s.p.8 ආකෘති පත්‍රය ග්‍රාම නිලධාරිට භාරදිම

02.  ඉල්ලිම් ලිපිය

දින 03

26

විස්තීර්ණ ආපදා සහනාධාර ගෙවිම

01.  විස්තීර්ණ ආපදාවකදි ග්‍රාම නිලධාරිට දැනුම් දිය යුතුය

02.  ආකෘති පත්‍ර පිරවිම

දින 03

27

වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරිම

01.  අයදුම් පත්‍රය

02.  මුද්දර ප්‍රමාණයේ වර්ණ හෝ කලු සුදු ජායාරෑප 2ක්

03.  වයස තහවුරු කිරිමට ලියවිල්ලක්(ජාතික හැදුනුම්පත/උප්පැන්න සහතිකය/විදේශ ගමන් බලපත්‍රය/බැංකු ගිණුම්පොත)

දින 01

28

වැඩැහිටියන් වැඩිහිටි නිවාස වලට ඇතුලත් කිරිමට යොමු කිරිමට

01.  ඉල්ලිම් ලිපිය

02.  ඉල්ලුම් පත්‍රය

03.  සමාජ සේවා නිලධාරි වාර්තාව(යෝග්‍යතා සහතිකය)

දින 01

29

වැඩිහිටි සමිති ලියාපදිංචි කිරිම

01.  වැඩිහිටි සමිතිය වසරක කාලයක් පවත්වාගෙන ගොස් තිබිම

02.  පළමුවන රුස්විම් වාර්තාව/අත්සන් ලේඛණයෙ පිටපත්/ව්‍යවස්ථාවේ සහතික කල පිටපතක්/බැංකු ගිණුම් විස්තර/බංකු පොතේ ජායා පිටපත ආදි ලේඛණ ලබාගැනිම

 

30

සංවර්ධන ව්‍යාපෘති සදහා ගෙවිම් කිරිම

01.  ගෙවිම් කිරිමට අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කිරිම

දින 03

31

විවෘත ටෙන්ඩර් මගින් මිළදි ගැනිම

01.  අවශ්‍ය පිරිවිතර සැපයිම

02.  නිශ්චිත දිනට භාණ්ඩ සැපයිම

දින 21

32

උප්පැන්න සහතික නිකුත් කිරිම

01.  අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කිරිම

02.  නියමිත මුද්දර ගාස්තු ගෙවිම( අංකය දන්නේ නම් සහතිකයක එක් පිටපතකට රු.100/- ක් ද දිනය නොදන්නේ නම් එක් පිටපතකට රු. 200/- ක්ද වසර 2ක ලේඛණප පරික්ෂා කිරිම සදහා එක් පිටපතකට රු.100/- ක්ද මුද්දර ගාස්තු ගෙවිම අවශ්‍යය)

විනාඩි 20

33

විවාහ සහතිකයක් නිකුත් කිරිම

01.  අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කිරිම

02.  නියමිත මුද්දර ගාස්තු ගෙවිම(විවාහය සිදු කල දිනය දන්නේ නම් රු.100/- ක්ද දිනය නොදන්නේ නම් එක් පිටපතකට රු. 200/- ක්ද වසර 2ක ලේඛණප පරික්ෂා කිරිම සදහා එක් පිටපතකට රු.100/- ක්ද මුද්දර ගාස්තු ගෙවිම අවශ්‍යය)

විනාඩි 20

34

මරණ සහතිකයක් නිකුත් කිරිම

01.  අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කිරිම

02.  නියමිත මුද්දර ගාස්තු ගෙවිම (අංකය දන්නේ නම් එක්පිටපතක් සදහා රු.100/- ක්ද අංකය නොදන්නේ නම් මාස තුනක පොත් පරික්ෂා කිරිම සදහා  එක් පිටපතකට රු. 200/- ක්ද වසර 2ක ලේඛණ පරික්ෂා කිරිම සදහා එක් පිටපතකට රු.100/- ක්ද මුද්දර ගාස්තු ගෙවිම අවශ්‍යය)

විනාඩි 10

35

කොට්ඨාශය තුල පූර්ව දැනුම්දිමකින් පසුව සිදුවන විවාහ ලියාපදිංචි කිරිම

01.  නිසි පරිදි සම්පූර්ණ කර ඇති විවාහ දැන්විම අදාල මුද්දර ගාස්තු සමග භාරදිම

02.  අනන්‍යතා සහතික ඉදිරිපත් කිරිම

03.  කාර්යාලය තුල විවාහය සිදු කිරිම සදහා රු.1100/-ක් ද විවාහ දැන්විම් සහතික පිටපතක් නිකුත් කිරිමට රු.10/- ක්ද විවාහ ප්‍රකාශයට රු.50/- ක්ද විවාහ දැන්විමට රු.100/- ක්ද ලෙස මුද්දර ගාස්තු ගෙවිම

04.  දැන්විම් ලබාදිමේ දි සහ විවාහ ලියාපදිංචි කරන අවශ්ථාවේදි සාක්ෂිකරුවන් දෙදෙනෙකු බැගින් ඉදිරිපත් කිරිම

විනාඩි 45

36

කල්ගිය උපත් ලියාපදිංචි කිරිම/අනුමාන වයස් කල්ගිය උපත් ලියාපදිංචි කිරිම/අනුමාන වයස් සහතික නිකුත් කිරිම

01.  දෙමාපියන්ගේ විවාහ සහතික

02.  ලේඛණ සෙවිමේ ප්‍රතිඵල

03.  දිවුරුම් ප්‍රකාශ

04.  උපන් දිනය ස්ථානය හා මව පියා සනාථ කිරිමට අදාල ලියිවිලි(ග්‍රාම නිලධාරි වාර්තාව/වත්තක නම් වතු අධිකාරි වාර්තාව/රෝහලක නම් රෝහල් උපත් වාර්තාව)

මාස 01

37

කල්ගිය මරණ ලියාපදිංචි කිරිම

01.  ප්‍රකාශ පත්‍රය නිසි පරිදි භාරදිම

02.  දිවුරුම් ප්‍රකාශ දිම

03.  ලියාපදිංචි නොවු බවට හිස් ප්‍රතිඵල ලේඛණ ඉදිරිපත් කිරිම

04.  මරණය සිදුවු දිනය, ස්ථානය හා මරණකරු පිළිබද තහවුරු කිරිමට අදාල ලිඛිත හා වාචික සාක්ෂි (ශෝක ප්‍රකාශ රිසිට්,ග්‍රාම නිලධාරි වාර්තාව, ආගමික කටයුතු කල විහාරාධිපතිගේ ප්‍රකාශය)

මාස 01

38

නම් වෙනස් කිරිම

01.  අදාල උප්පැන්න සහතිකය

02.  ග්‍රාම නිලධාරි සහතිකය

03.  දිවුරුම් සහතිකය

04.  යෝජිත නම අවම වශයෙන් වර්ෂයක්වත් භාවිතා කල බවට සාක්ෂි(ජන්ද හිමි නාමලේඛණ උපුටනය,බැංකු ගිණුම් පිටපත්,නම භාවිතා කල බවට අදාල වෙනත් ලියවිලි)

05.  පුවත්පත් දැන්විම් පලකිරිම

දින 15

39

අනෙකුත් සංශෝධන

01.  අදාල උප්පැන්න සහතිකය

02.  ග්‍රාම නිලධාරි සහතිකය

03.  දිවුරුම් සහතිකය

06.  යෝජිත නම අවම වශයෙන් වර්ෂයක්වත් භාවිතා කල බවට සාක්ෂි(ජන්ද හිමි නාමලේඛණ උපුටනය,බැංකු ගිණුම් පිටපත්,නම භාවිතා කල බවට අදාල වෙනත් ලියවිලි

දින 15

40

කලායතන ලියාපදිංචි කිරිම

01.  සුදුසුකම් සහතික කරන සහතික

02.  පාරම්පරික ශිල්පියකු නම් පරම්පරාව පිලිබද පැහැදිලි විස්තරයක් ප්‍රාදේශිය ලේකම් නිර්දේශ සහිතව ඉදිරිපත් කිරිම

සති 01

41

දීමනා පත්‍ර ඉඩම් සදහා පසු අයිතිය නම් කිරිම

01.  මුල් අයිතිකරුගේ ඉල්ලිම් ලිපිය

02.  පත් ඉරු පිටපත

03.  අනුප්‍රාප්තිකරුගේ උප්පැන්න සහතිකය

04.  නමේ වෙනසක් නම් දිවුරුම් සහතිකය

05.  එක් අයකුට වැඩිනම් අතුරු පිඹුරු

06.  රු.5.00ක මුද්දර සමග සම්පූර්ණ කල ඉ.කො.155 ආකෘති 03

දින 01

42

බලපත්‍ර ඉඩම් සදහා පසු අයිතිය නම් කිරිම

01.  මුල් අයිතිකරුගේ ඉල්ලිම් ලිපිය

02.  අනුප්‍රාප්තිකරුගේ උප්පැන්න සහතිකය

03.  නමේ වෙනසක් නම් දිවුරුම් සහතිකය

 

දින 01

43

දිර්ඝ කාලින බදු බලපත්‍ර නිර්දේශ කිරිම

01.  17 පරිශිෂ්ධයට අනුකූල දිවුරුම් ප්‍රකාශ පිටපත් 03ක්

02.  පුද්ගලික දිවුරුම් ප්‍රකාශ 03

මාස 02

44

වාර්ෂික ඵලදා බදු නිකුත් කිරිම

01.  ඉල්ලිම් ඉදිරිපත් කිරිම

02.  නියමිත බදු මුදල ගෙවිම

03.  බදු කොන්දේසි රැකිම

 

දින 15

45

දීමනා පත්‍ර ඉඩම් මිනුම් කටයුතු සදහා නියෝග කිරිම

01.  ඉඩමේ සැලැස්ම

02.  මායිම් වල පදිංචි ඉඩම්හිමියන්ගේ එකගතාවය ලබාගැනිම

දින 07

46

දීමනා පතු ණය මුදල් ලබාගැනිම සදහා නිර්දේශ කිරිම

01.  ප්‍රධාන පතුයේ ජායා පිටපත

02.  පත්ඉරු පිටපත

03.  අනුප්‍රාප්තිකරුගේ උප්පැන්න සහතිකය

04.  නමේ වෙනසක් නම් දිවුරුම් සහතිකය

05.  කාලාත්‍රයාගේ කැමැත්ත

06.  අවු.18ට වැඩි දරුවන්ගේ කැමැත්ත

පැය 01

47

නොතාරිස් ඔප්පුවකින් ඉඩම් පැවරිම

01.  ඉල්ලීම් ලිපිය

02.  ප්‍රධාන පත්‍රය

03.  පත්ඉරු පිටපත

04.  අනාථභාවයට පත් නොවන බවට ලේඛණ

05.  දිවුරුම් ප්‍රකාශ

News & Events

16
දෙසැ2025
පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන

පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන

පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන පලතුරු  පැල රෝපණය ...

16
දෙසැ2025
සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ වැඩසටහන

සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ වැඩසටහන

සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ...

පුවත් සහ සිදුවීම්

16
දෙසැ2025
පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන

පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන

පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන පලතුරු  පැල රෝපණය ...

16
දෙසැ2025
සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ වැඩසටහන

සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ වැඩසටහන

සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ...

16
දෙසැ2025
පහන් තිර නිෂ්පාදන පුහුනු වැඩසටහන

පහන් තිර නිෂ්පාදන පුහුනු වැඩසටහන

පහන් තිර නිෂ්පාදන පුහුනු වැඩසටහන - කල්ලංචිය...

Scroll To Top